May 06, 2024

'කේ.පී ආරක්ෂා කරන පිරිස් මට දේශද්‍රෝහියා කියනවා' - රනිල්

කේ.පී ආරක්ෂා කරන මිනිස්සු තමාට දේශද්‍රෝහියා යැයි කිව්වාට කමක් නැති බවත් තමන් පෙනී සිටින්නේ මාධ්‍ය‍වේදීන් ආරක්ෂා කිරීමට බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අලුත්ගම හා බේරුවල සිද්ධීන් වාර්තා කිරීම මෙන්ම මාධ්‍යවේදීන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන කිහිපයක සහභාගිත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද(01) සාකච්ඡාවක් පැවැත්විණ. 

ප්‍රශ්නය ඇත්තේ කේ.පී ආරක්ෂා කරනවාද මාධ්‍යවේදීන් ආරක්ෂා කරනවාද යන්න බවත් මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිට බැණුම් ඇසුවාට තමාට ගැටලුවක් නොමැති බවත් විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය. 

එම සාකච්ඡාවට මාධ්‍ය ක්‍රියාකාරි කමිටුවේ සාමාජික සමන් වගආරච්චි මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටි අතර අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී විපක්ෂනායකවරයා අලුත්ගම හා බේරුවල ඇති වූ සිද්ධීන් ද සිහිපත් කරමින් අදහස් පළ කළේය.

Rate this item
(0 votes)