May 06, 2024

බීමත් සේවකයන් රෝහල වනසයි

ඕමල්පේ ග්‍රාමීය රෝහලේ සුළු සේවකයින් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ. 

අද එම රෝහලේ සුළු සේවකයින් තිදෙනෙකු උදෑසන සිටම රාජකාරී වේලාව තුළ මත්පැන් පානය කර ඇති බවත්, එයින් අනතුරුව බහින් බස්වීමක් සිදුව එය අතින් පයින් පහරදීමක් දක්වා දුරදිග ගොස් ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. 

මේ මොහොත වන විට රෝහලේ වෛද්‍යවරයෙකු සහ වෛද්‍යවරියක පැමිණ ගැටුම සමථයකට පත්කිරීමට උත්සාහ කරන නමුත් එකී උත්සාහයද ඵලක් නොවන තැනට කටයුතු සිදුවන බව රෝහල් ප්‍රකාශකයෙක් අද දෙරණට කියා සිටියේය. 

කෙසේ නමුත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂකට දැනුම්දී ඇති බවත්, ඒ හරහා පොලීසිය දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(0 votes)