May 06, 2024

බොදු බල සේනා සම්බන්ධය ගැන ආරක්ෂක ලේකම් පිළිතුරු දෙයි

තමන් බොදු බල සේනා සංවිධානය සමග සබදතා ඇති බවට ඔප්පු කළහොත් ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා සූදානම් බව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසූවේ ඩේලි මිරර් පුවත්පත සමඟ සම්මුඛ සාකච්චාවකට එක්වෙමිනි.

ඇතැම් මුස්ලිම් සංවිධාන සහ මාධ්‍ය මේ සම්බන්ධයෙන් තමාට චෝදනා කර ඇති බවත් පදනම් විරහිතව නගන මෙවැනි චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එහිදී හෙතෙම සඳහන් කර ඇත.

තමන්ට ජනාධිපතිවරයා ආරාධනා කළහොත් දේශපාලනයට පැමිණෙන බවත් වත්මන් දේශපාලනඥයන්ට වඩා කැපවීමෙන් තමන් කටයුතු කරන බවත් ආරක්ෂක ලේකම්වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Rate this item
(0 votes)