May 06, 2024

ලංකාවේ සරණාගතයින් රැගත් බෝට්ටු නිසා ඕස්ට්‍රේලියානු රජය දෙදරයි

ශ්‍රී ලාංකිකයන් 153 දෙනෙකු සහ 51 ක් දෙනෙකු රැගත් බෝට්ටු දෙකක් ක්‍රිස්මස් දූපතට කිලෝමීටර් 250 ක් දුරින් අතතුරකට ලක්වීම පිළිබඳ කිසිඳු තොරතුරක් නොදන්නා බව ඕස්ට්‍රේලියානු රජය පවසා ඇතැයි එහි සිටින අප වාර්තාකරු පවසයි.

කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම බෝට්ටු දෙකෙහි සිටි ශ්‍රී ලාංකිකයින් පිරිස ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නැවක රඳවාගෙන සිටින බවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයට චෝදනාවක් කරමින් එරට විපක්ෂය පවසන්නේ අදාල සරණාගතයින් මියගොස් සිටියි ද නැතහොත් ඔවුන් නැවත හරවා යවා තිබේ ද පිළිබඳ නිශ්චිත වාර්තාවක් ලබාදෙන ලෙසයි.

මන්ද මෙම සරණාගතයින් පිරිස ඕස්ට්‍රේලියාව බලා පැමිණ ඇති බැවින් මෙහි සම්පූර්ණ වගකීම ඕස්ට්‍රේලියාවනු රජය සතු බැවිනි. 

 

Rate this item
(0 votes)