May 06, 2024

කොළඹ අශෝක විදුහලේ උද්ඝෝෂණ දෙකකට 'තහනමක්'  

කොළඹ අශෝක විද්‍යාලය ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබූ දෙමාපිය උද්ඝෝෂණ දෙකක් අධිකරණ නියෝගයකින් අද (01) නතර කිරීමට මරදාන පොලිසිය පියවර ගත්තේය.

වත්මන් විදුහල්පතිවරයා ඉවත්කරන ලෙස එක් දෙමාපිය පාර්ශවක් සහ විදුහල්පතිවරයාව අවශ්‍ය බව සදහන් කරමින් තවත් දෙමාපිය පාර්ශවක් පාසල ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතවීමට සූදානමින් සිටි බව පොලීසිය සදහන් කරයි.

දෙමාපියන් විසින් කරනු ලබන මෙම උද්ඝෝෂණයන් හේතුවෙන් පාසලේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වන බවත් මෙම දෙමාපිය කණ්ඩායම් දෙක අතර ගැටුම් ඇතිවන බවත් පොලිසිය කියයි. 

මීට පෙර පැවැති එවැනි උද්ඝෝෂණයක් අවසානයේදි ගැටුමක් ඇතිවී මවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහළට ඇතුලත් කළ බවද පොලිසිය සදහන් කරයි. 

මෙම කරුණු මාළිගාකන්ද මහේස්ත‍්‍රාත් අධීකරණයට වාර්තා කර එම උද්ඝෝෂනයන් පැවැත්වීම තහනම් කරමින් නියෝගයක් ලබාගත් බව මරදාන පොලිසිය පැවසී ය.

Rate this item
(0 votes)