May 06, 2024

ග‍්‍රෑන්ඩ්පාස් ඝාතකයින් පළාගිය ත‍්‍රීරෝද රථය හමුවෙයි 

ග‍්‍රෑන්ඩ්පාස්, මහවත්ත ප‍්‍රදේශයේදි පසුගිය 29 වැනිදා සිව්දෙනෙකුට වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කර පළා යාමට ඝාතකයන් විසින් කොල්ලකෑ ත‍්‍රීරෝද රථය පෑලියගොඩ ප‍්‍රදේශයේ දමාගොස් තිබියදී අද (01) පොලිසියට හමුවී තිබේ.

එම ත‍්‍රීරෝද රථයේ ඝාතන සැකකරුවන්ගේ ඇඟිලි සලකුණු සටහන්ව තිබෙන්නට හැකි බැවින් ඇගිලි සලකුණු පරීක්‍ෂණ අංශයේ නිලධාරීන් යොදවා පරීක්‍ෂා කරන බව පොලිස් ආරංචි මාර්ග සදහන් කළේය.

ඝාතකයන් මහවත්තට පැමිණි යතුරු පැදිය කානුවකට පෙරලීම හේතුවෙන් ත‍්‍රීරෝද රථය කොල්ලකා එහි නැගී පළාගිය බව පොලීසිය සදහන් කළේය. 

කොල්ලකරුවන් පැමිණි යතුරු පැදිය පරීක්‍ෂා කිරීමේදි එහි සටහන්ව තිබුණු අංකය ව්‍යාජ එකක් බව අනාවරණය වූ බවත් ඒ අනුව චැසි අංකය සහ ඇංජින් අංකයට අනුව යතුරු පැදිය සම්බන්ධයෙන් සොයා බැලීමක් කිරීමේදි එය 2013 වර්ෂයේදි සපුගස්කන්ද පොලිස් බලප‍්‍රදේශයේදි සොරාගත් එකක් බව හෙළිවූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසී ය.

එම යතුරු පැදියේ හිමිකරු මහනුවර අංකුඹුරේ පදිංචි කරුවෙක් බව ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

Rate this item
(0 votes)