May 17, 2024

ඒකාබද්ධ විපක්ෂයේ බොරු සද්දයක් (VIDEO)

අතුරුදහන්වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාල පනත සම්මත වීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයෙන් තවමත් පක්ෂව හෝ විපක්ෂව කිසිදු පියවරක් ගෙන නොමැති බවත් රටට පේන්නට පමණක් බොරුවට විරුද්ධ බව පෙන්වමින් සද්දේ දමන බවත් ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) වව්නියාව තේක්කවත් ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ, "අද වෙනකම් මේ පනත සම්මත වීම ගැන ඒකාබද්ධ විපක්ෂය කිසිම සංශෝධනයක්වත් දීල නැහැ. ඒ අය බොරුවක් මේ කරන්නේ. ජනාධිපතිතුමන් පැහැදිලිව කියල තියෙනවා නැවත උතුරු නැගෙනහිර පලාත් වල සිංහල දෙමළ හෝ මුස්ලිම් වේවා ආගමික වශයෙන් හෝ කිසිම ගැටලුව ඇති නොවීමට වගබලා ගත යුතු බව. ඒකාබද්ද විපක්ෂයේ ඉන්න මේ අන්තවාදී කොටස් විතරයි මේ විරෝධය පාන්නේ. නමුත් රටේ ජනතාවගේත් ජාත්‍යන්තරයෙත් ප්‍රසාදය හිමි වෙලා තියෙනවා. ඒ නිසා මේ යහපාලන ආණ්ඩුව ජනතාව වෙනුවෙන් හැමදාමත් ඉන්නවා.

දැන් කොටි සංවිධානයේ පසුගියදා නුවරින් ඇඳුම් වගයක් හමු වුනා කිව්වා මේ වගේ කොළඹිනුත් එන්න බැරි නැහැ. මොකද ඒ අය ඉස්සර සඟවපු දේවල් දැන් එලියට එනවා. ඒ නිසා ඒ ගැන කලබල විය යුතු නැහැ. ඒ වගේම නැවත ත්‍රස්තවාදයක් හිස ඔසවන්නේ නැහැ කියල ස්ථීර වශයෙනම කියනවා. ඒ වගේම දැන පවතින කටකතාවක් තමයි හිටපු කොටි සංවිධානයේ පුනරුත්තාපන සාමාජිකයින්ට විෂ එන්නත් කරල තියෙනවා කියන එක. නමුත් එහෙම වැඩසටහන් ක්‍රියාත්මක වුනා කියල මම හිතන්නෙ නැහැ. යම් හෙයකින් ඒ ගැන පරික්ෂණයක් කරල තීන්දුවක් එන තුරු අපිට මේ ගැන මොකුත් කියන්න බැහැ. නමුත් පිලිකාව ඒ අයට විතරක් නෙමෙයි මේ රටේ හැම කෙනෙකුටම හැදිල තියෙනවා." බවයි.

වන්නි - රොමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 August 2016 16:46