May 05, 2024

‘වෙළඳපොළ සංකීර්ණය ඉදිවුනේ මම මුදල් වෙන් කළ නිසා’ - වෙල්ගම (VIDEO)

මතුගම පොදු වෙළඳපොළ සංකීර්ණය ඉදිකිරීමට පසුගිය රජයෙන් රුපියල් මිලියන 50ක් වෙන් කර තිබුණ ද එපමණ මුදලක් එහි ඉදිකිරීම් කටයුතුවලට වැයවී නොමැති බව එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) පෙරවරුවේ එම වෙළඳපොළ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද සහභාගී වූ අතර ඔහු පින්නගොඩ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් කියාසිටියේ එදා තමන් වෙළඳපොළ ඉදිකිරීමට රුපියල් මිලියන 50ක් වෙන්කිරීම නිසා අද වනවිට එය ඉදිකිරීමට හැකිවුණු බවයි.

එහිදී අදහස් දැක්වූ වෙල්ගම මහතා, "මේ කියන අරව මේවා මම දන්නෑ. එදා මම මේ මිලියන 50 මේකට වෙන් කෙරුවේ නැත්නම් මේ වෙළඳපොළ හැදෙනවද නැද්ද කියලා මම ඔබතුමාගෙන් අහනවා. මේ නගරේ දියුණු කළේ මම. එදා මේ නගරේ පාතාලේ තිබ්බා. මේ කයිවාරු ගහන එක්කෙනෙක්වත් ගියාද ඒක කඩන්න. හතර මායිමේ ගියේ නෑ" යි කියාසිටියේය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 06 August 2016 11:45