එම රන් භාණ්ඩවල වටිනාකම රුපියල් තිස් හය ලක්ෂ පහලොස් දහසක් බව වාර්තා වේ.
පේදුරුවෙල විවිධ සේවා සමුපකාර සමිතියේ බැංකුවේ උකස් තබන ලද රන් භාණ්ඩවලට වාජ්‍ය රන් භාණ්ඩ දමා එකී රන් භාණ්ඩ වෙනත් මුල්‍ය ආයතන රැසකට විකුණා ඇති බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.
එය කාලයක් තිස්සේ කර ගෙන ගිය ජවාරමක් බවට ද සැක සහිත බව පොලීසිය පවසයි.
අදාල සිද්දිය සම්බන්ධයෙන් පේදුරුවෙල විවිධ සේවා සමුපකාර සමිතියේ සාමාන්‍යාධිකාරිවරිය පොලීසියට කළ පැමිණිල්ලක් අනුව අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ මෙහෙයවන බව පොලීසිය වැඩි දුරටත් පවසයි.
ලංකින්ද නානායක්කාර