May 04, 2024

ජවිපෙ ලිපියේ වගකීම බාරගෙන දිවයින උප කතෘ ඉල්ලා අස්වෙයි

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට යන බව කියමින් "දිවයින" පුවත්පතේ පළ වූ විශේෂාංග ලිපියට සම්බන්ධ මාධ්‍යවේදියා වන එම පුවත්පතේ නියෝජ්‍ය කතෘ ලෙස ක්‍රියා කළ මනෝජ් අබේධීර මහතා එහි වගකීම බාරගෙන ඊයේ (11) ඉල්ලා අස් වී තිබේ.

වගකීම බාරගෙන මාධ්‍යවේදියකු ඉල්ලා අස්වීම ඉතා විරල ක්‍රියාවක් බව මාධ්‍යවේදීහු පවසන අතර අබේධීර මහතා ඉල්ලා අස් වී ඇත්තේ පසුගිය මැයි 8 වැනිදා දිවයින ඉරිදා සංග්‍රහයේ 14 වැනි පිටුවේ විශේෂ ලියුම්කරුවකු විසින් ලියන ලද 'වාමාංශික දේශපාලනයේ අලුත්ම අභිරහස්‌' නමැති ලිපිය පිළිබඳ වගකීම භාර ගනිමිනි.

දිවයින පුවත්පත වාර්තා කර තිබුණේ ජනතා විමුක්‌ති පෙරමුණ තුළ යළිත් වරක්‌ නායකත්වය සම්බන්ධයන් අර්බුදයක්‌ හටගෙන ඇති බවත් එම පක්‌ෂයේ වත්මන් නායක අනුර කුමාර දිසානායක මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව පක්‌ෂයේ දේශපාලන මණ්‌ඩලයේ පිරිසකගේ විරෝධය පළවී ඇති බවත්ය.

ඒ අනුව නව නායකත්වය සඳහා වෘත්තීය සමිති නායකයකු වන ලාල් කාන්ත මහතාගේ නමත් පක්‌ෂයේ ප්‍රධාන ලේකම්වරයා වන ටිල්වින් සිල්වා මහතාගේ නමත් යෝජනාවී ඇතැයි එම පුවත්පතේ පලවූ පුවත මගින් සඳහන් කර තිබිණි.

ඉන් අනතුරුව පසුගිය 08 වැනිදා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ජවිපෙ නායක අනුර දිසානායක මහතා පැවසූවේ ජනතා විමුක්ති පෙරමුණ අවලාද නැගීමෙන්, මඩ ප‍්‍රහාරවලින් වට්ටන්න පුළුවන් පක්‍ෂයක් නොවන බවයි.

එම මාධ්‍ය හමුවට ජවිපෙ මහ ලේකම් ටිල්වින් සිල්වා, විජිත හේරත්, ලාල් කාන්ත යන ජවිපෙ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ පිරිසක් සහභාගී වී සිටියහ.

ඉන්පසු මැයි 09 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජවිපෙ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ පිරිසක් එම පුවත්පතට එරෙහිව පුවත්පත් පැමිණිලි කොමිසම වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කළහ.

එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ  පැවසීය,

“පසුගිය ඉරිදා එක්තරා සති අන්ත පුවත්පතක ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් පළවු වාර්තාවට එරෙහිව අද දිනයේ අපි පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිල්ලක් කළා. එම පුවතේ පළකර තිබු ප‍්‍රවෘත්තියක් ඒ සමඟ බැදුණ විශේෂාංගයත් අපි මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරනවා. අවලාද මඩ අසත්‍ය තොරතුරු වලින් පිරි ප‍්‍රවෘත්තියක් තමයි එම පුවත්පත පළකර තිබෙන්නේ.

මෙම පුවත්පත මේ රටේ මාධ්‍ය  සම්ප‍්‍රදාය  උල්ලංඝනය කරමින් පරාජිත   රාජපක්ෂ  කල්ලියේ මඩ ගොඩක් බවට පත්වීමේ අරමුණින් මෙම ප‍්‍රවෘත්තිය ඉදිරිපත් කර තිබේ. මෙම පුවත්පත මීට පෙර ඉතාමත් වගකීමෙන් වැදගත් කර්තෘවරුන්  කටයුතු කර තිබෙනවා. ඔවුන් මේ රටේ ජාතික මෙහෙවර වෙනුවෙන් දායක වී තිබුණා.“ 

 

Rate this item
(2 votes)
Last modified on Thursday, 12 May 2016 09:22