May 04, 2024

කංසා අපනයනයට සූදානමක් 

ශ‍්‍රී ලංකාවේ කංසා වගා කර අපනයනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ ශ‍්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව විසින් නිෂ්පාදනය කළ නව ආයුර්වේද නිෂ්පාදන හඳුන්වාදීම වෙනුවෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ ඊයේ (10) පැවති උත්සවයක දී ය.

ශ්‍රී ලංකාවේ කංසා වගා කර බටහිර රටවල ඖෂධ නිෂ්පාදනයට අපනයනය කිරීමේ යෝජනාවක් ලැබී ඇති බවත් තමා එය ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ඒ පිළිබඳ අදහස් දැක් වූ අමාත්‍යවරයා "පසුගිය කාලයේ ආයුර්වේදයට ආයුර්වේද නිෂ්පාදන සඳහා අබිං හිඟයක් තිබුණා. එම අබිං ඉන්දියාවෙන් ආනයනය කිරීමට පියවර ගත්තා. ආයුර්වේදය සඳහා කංසාත් අවශ්‍යයි. එමනිසා තමයි කංසා වැවීමට අවශ්‍යයැයි කියලා මම ප‍්‍රකාශ කළේ." යනුවෙන් පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 May 2016 17:18