May 07, 2024

සිරිමා මැතිණියට 100යි

ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමා ආර්.ඩී. බණ්ඩාරනායක මැතිණියගේ ජන්ම ශත සංවත්සරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරු 03.30ට බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වේ.

1916 අප්‍රේල් මස 17 වැනි දා බළන්ගොඩ ප්‍රදේශයේ දී උපත ලද සිරිමාවෝ මැතිණිය අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙනි. 1940දී ඇය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සමග විවාහ වූවා ය.

1959 සැප්තැම්බර් මස 26 වැනි දා සිදු වූ අගමැති බණ්ඩාරනායක මහතාගේ අභාවයෙන් පසු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සෙනෙට් මන්ත්‍රි මණ්ඩලය ඔස්සේ 1960 දී අගමැති ධුරයට පත් වූවා ය, 1970, 1994 ආදී වශයෙන් බණ්ඩාරනායක මහත්මිය තෙවරක්ම අගමැති ධුරය හොබවනු ලැබුවා ය.

1960 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත් බණ්ඩාරනායක මහත්මිය 2000 වසරේ ඔක්තෝබර් මස 10 වැනිදා දින මියයන අවස්ථාව දක්වාම එම පක්ෂයේ නායකත්වය ඉසිලුවා ය. 1977 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලැබූ පරාජයෙන් පසු 1980 දී ඇයගේ ප්‍රජා අයිතිය ද අහෝසි කරනු ලැබී ය. ඇගේ දෙවැනි පාලන කාලයේ දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කිරීමට ද ඇය කටයුතු කළා ය.

Rate this item
(0 votes)