May 08, 2024

කැඩූ ජොගිං තීරුව යළි හදයි

වත්තල ඇවිදින මං තීරුව ගැලවූවායැයි කියන අදිසි හස්‌තය විසින් එම මං තීරුව නැවත තිබූ අයුරින් සැකසීමට ඊයේ (05) සිට ක්‍රියාත්මක වී එහි ගල් ඇතිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

මෙම ඇවිදින මං තීරුව පසුගිය මාර්තු මස 27 වනදා ගලවා ඉවත් කිරීමට එරෙහිව මහජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් මෙම මං තීරුව නැවත තිබූ අයුරින් සැකසීමට එම අදිසි බලධාරියා විසින් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ප්‍රදේශවාසීන් සඳහන්කරන්නේ මෙම මංතීරුව ගලවා ඉවත් කිරීම සහ එම මං තීරුවට සමාන්තරව එක්‌තරා පෞද්ගලික ආයතනයකට අයත් ඉඩමකට මාර්ගයක්‌ සැකසීම ආරම්භ කර තිබීම අතර යම් සබඳතාවක්‌ ඇති බවත් මෙහි කිසිදු විනිවිදභාවයක්‌ නොමැතිවීමෙන් යම් මූල්‍ය ගනුදෙනුවක්‌ සිදුව ඇති බවටත් තමන්ට සැකසහිත බවයි.

විශාල මුදලක්‌ වැය කරමින් මහජනතාවගේ ශරීර සුවතාව වෙනුවෙන් ඉදිකර තිබූ මෙම මං තීරුව කඩා ඉවත් කිරීමෙන් විනාශ වූ මහජන මුදල් මෙන්ම එය නැවත ඉදිකිරීමට වැයවන මුදල්වලට වගකිවයුත්තේ කවුරුන්දැයි එම ප්‍ර දේශයේ ජනතාව ප්‍රශ්නකර සිටී.

මෙහි වගකීම කිසිදු රාජ්‍ය ආයතනයක්‌ බාර නොගත්තේ නම් මේ පිටුපස සිටින දේශපාලන බලවතා පිළිබඳව බලධාරීන් හෙළි නොකිරීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන ප්‍රහාරයක්‌ බවට ඔවුන් චෝදනා එල්ල කරයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 April 2016 09:39