May 07, 2024

කුසල්ව යළි ගේන්න වෑයමක්

තරග තහනමකට ලක් ව සිටින කුසල් ජනිත් පෙරේරාගේ එම තරග තහනම හැකි ඉක්මනින් ඉවත් කර ගැනීමට උත්සහ දරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.

එළැඹෙන එංගලන්ත සංචාරයෙන් පසු යෙදී ඇති ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ ශ‍්‍රී ලංකා සංචාරයට කුසල් එක්කර ගැනීමට ප‍්‍රබල උත්සාහයක් දරන බව ඔහු පෙන්වා දුන්නේ ය. 

කුසල් ජනිත් පෙරේරා නොමැතිවීම මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායමට ප‍්‍රබල පාඩුවක් වූ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

තහනම් උත්තේජක චෝදනාවකට වරදකරු වී සිටින කුසල්ට එම වරදට වසර 04ක් දක්වා තරග තහනමක් පැනවීමේ හැකියාවක් පවතින බව මීට පෙර ප‍්‍රකාශ විය.

 

Rate this item
(0 votes)