May 02, 2024

මහින්ද යාපා ජනපති කොමිසමට

හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05) පෙරවරුවේ බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ.

ඒ ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටිය දී හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ සිදු වූ බව කියන වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් සහ තවත් විමර්ශනය දෙකකට අදාළ ව ප්‍රකාශයක් ලබා දීමට ය. 

ඔහුගෙන් මේ වනවිටත් අදාළ ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව එම කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා සඳහන් කළේ ය.

 

Rate this item
(0 votes)