May 03, 2024

ආසියානු කලාපයේ සභාපතීත්වය ශ්‍රී ලංකාවට 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු රටවල් නියෝජනය කරමින් තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන සම්මේලනයේ ආසියානු කලාපයේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ.

ඒ අනුව ඊයේ (04) තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ආසියානු කලාපයේ රටවල් නියෝජනය කරමින් එම තනතුරට තෝරා පත් කරගෙන ඇති බව වාර්තා වේ.

2030 වර්ෂය වනවිට සම්පූර්ණ කළ යුතු එක්සත් ජාතීන්ගේ සම්මුතීන් 17 ක්‍රියාත්මක කිරීමට 2017 වසර තෙක් ආසියානු කලාපයේ රටවල් සඳහා වගකීම දැරීමට අමාත්‍යවරයා කටයුතු කරන බවත් එහෙව් තනතුරක් ශ්‍රී ලංකාවට හිමි වූ පළමු අවස්ථාව මෙය බවත් තිරසර සංවර්ධනය හා වනජීවි අමාත්‍යංශය නිවේදනය කරයි.

 

Rate this item
(0 votes)