May 02, 2024

ශ්‍රීලනිපයේ මැයි දිනය කොළඹින් පිට - කඩාකප්පල් වැඩ ගැනත් ජනපතිගේ අවධානය  

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්‌වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පස්වරුවේ කොළඹ පිහිටි ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

මෙම මධ්‍යම කාරක සභා රැස්‌වීම පැය 2කට ආසන්න කාලයක් පැවැති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීම්වලදී සිදු කරන කඩාකප්පල්කාරී ක්‍රියාවන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති අතර එහිදී එවැනි ක්‍රියාවන් මැඩපැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග හා විසදුම් සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැයි දින රැළිය ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ පැවැත්වීමට මෙවර තීරණය කර ඇත.

මැයි දිනයට සූදානම් වීම සහ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව මෙම මධ්‍යම කාරක සභාවේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට භාජනය වී ඇති අතර මැයි දින පෙළපාලිය ගාලු දිස්‌ත්‍රික්‌කයේ පවත්වන ලෙස එහි දේශපාලනඥයන් කළ ඉල්ලීම මත මෙම තීරණය ගෙන ඇත.

සන්ධානයේ ඉදිරි පක්‍ෂ සමඟ සාකච්ඡා කිරීම සඳහා මෙහිදී කමිටුවක්‌ පත් කරගෙන ඇති අතර ඒ සඳහා ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක, එජනිස ලේකම් මහින්ද අමරවීර, එස්‌. බී. දිසානායක, මහින්ද සමරසිංහ සහ සරත් අමුණුගම යන ඇමැතිවරුන් පත්කර ඇත.

 

Rate this item
(0 votes)