May 07, 2024

නොදන්වාම විදුලි කප්පාදුව අරඹයි?  

හෝමාගම, පිටිපන අවට ප්‍රදේශ කිහිපයක අද (08) රාත්‍රී 8.30සිට හදිසියේ විදුලි බිඳ වැටීමක් සිදුව තිබේ.

මෙම විදුලි බිඳ වැටීම සිදු ව ඇත්තේ හෝමාගම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු බල ප්‍ර‍දේශයේ එක් විදුලි සම්ප්‍රේෂණ මාර්ගයකින් පමණක් වන අතර අනෙක් විදුලි සම්ප්‍රේෂණ මාර්ගයෙන් විදුලි බීඳ වැටීමක් සිදුව නැතැයි ප්‍ර‍දේශවාසීහු පවසති.

පසුව අද රාත්‍රී 8.30ට විදුලි බිඳ වැටීමෙන් අනතුරුව රාත්‍රී 9.20ට පමණ නැවත එම විදුලිය ලබා දී තිබිණි.

කෙසේ වෙතත් පසුගිය මාර්තු 29 වැනිදා සිට පසුගිය දින කිහිපයේදීත් හෝමාගම, පිටිපන අවට ප්‍රදේශ කිහිපයක එම විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේම රාත්‍රී 8.30ට විදුලිය විසන්දි වීමක් සිදු වූ අතර නැවත 9.20ට පමණ විදුලිය ලබා දී තිබූ බව ප්‍ර‍දේශවාසීහු පවසති.

මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ හදිසි ඇමතුම් අංශයෙන් විමසූ විට සදහන් කළේ විදුලිය විසන්දිවීමක් සිදු කර නොමැති බවත් එම විදුලි බීඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවත්ය.  

මේ අතර අද උදෑසන 6 සිට වෙන්නප්පුව ඇතුළු ප්‍රදේශ කිහිපයකද හදිසියේ විදුලිය ඇණ හිට තිබූ අතර විදුලි බීඳ වැටීම හේතුවෙන් උදෑසන පාසල් යාමට සිටි දරුවන් මෙන්ම රැකියාවලට යාමට සිටි පිරිස් දැඩි අපහසුතාවට පත්ව සිටි බව වාර්තා වේ.

මේ පිළිබඳව විමසීමේදි වෙන්නප්පුව ප්‍රාදේශිය විදුලි ඉංජිනේරු කාර්යාලයේ නිළධාරියෙක් පැවැසුවේ අධි වෝල්ටිතාවයෙන් යුත් විදුලි මාර්ගයක සිදු වු දෝෂයක් හේතුවෙන් විදුලි බිඳ වැටීම සිදු වු බවයි.

 

Rate this item
(0 votes)