May 04, 2024

අනුර ඇතුළු ජවිපෙ නායකයින් විදෙස් ගතවෙයි

මැදපෙරදිග සහ යුරෝපයේ රටවල් ගණනාවක පැවැත්වෙන 45වැනි අපේ‍්‍රල් විරු සැමරුම් සඳහා සහභාගිවීමටත් විදෙස්ගත ජවිපෙ දේශපාලන ක‍්‍රියාකාරීන් විසින් සංවිධානය කරන දේශපාලන රැස්වීම් සඳහා සහභාගිවීමටත් ජවිපෙ විදේශ කමිටුවල කි‍්‍රයාකාරිත්වයන් සොයා බැලීම සඳහාත් ජවිපෙ නායකයින් කිහිප දෙනෙක් ඉදිරි දිනවල දී දිවයිනෙන් බැහැරව යෑමට නියමිතයි.

ජ.වි.පෙ. නායක අනුර දිසානායක මහතා, දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක මහතා මේ වනවිටත් දිවයිනෙන් බැහැරව ගොස් සිටින අතර ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා, දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා, මධ්‍යමකාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරි දිනයන්හි දී දිවයිනෙන් බැහැරව යෑමට නියමිත බව වාර්තා වේ.

කුවේටය, ප‍්‍රංශය, ඉතාලිය ඇතුළු රටවල් ගණනාවක මෙම වැඩසටහන් සංවිධානය කර ඇති අතර ශ‍්‍රී ලංකාවේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ ද විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් සංවිධානය කරන අපේ‍්‍රල් විරු සමරු සඳහා ජවිපෙ නායකයින් විසින් සමරු දේශන පවත්වයි.

 

Rate this item
(0 votes)