May 03, 2024

අපේ‍්‍රල් විරු සමරුව ප‍්‍රධාන නගර තුනක දී

71 අරගලයට ශක්තිය, ධෛර්ය ලබාදුන් ජනතා විමුක්ති පෙරමුණේ විරු සගයින් අනුස්මරණය කරන අපේ‍්‍රල් විරු සමරුව 45 වැනි වරටත් පැවැත්වීමට මේ වනවිටත් කටයුතු සූදානම් කර තිබේ. 

අනුරාධපුර, පානදුර සහ දෙනියාය යන නගර තුනේ දී සමරු උත්සව තුනක් සංවිධානය කර ඇති අතර දිස්ත‍්‍රික්ක සහ ආසන මට්ටමින් අපේ‍්‍රල් විරු සමරු සතියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. 

පානදුර නගර ශාලාවේ දී ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් ද අනුරාධපුර නගර ශාලාවේ දී දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් ද, මාතර, දෙනියාය නගරයේ දී ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ද සමරු උත්සව පැවැත් වේ. අද (05) පස්වරු 03.00ට මෙම ප‍්‍රධාන සමරු උත්සව පැවැත් වේ.

 

Rate this item
(0 votes)