May 04, 2024

පාසල් නිවාඩු දෙන්නේ මෙහෙමයි

සියලූම රජයේ පාසල් සහ රජය අනුමත කළ පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය අප්‍රේල් මස 08 වනදායින් අවසන් වන බව වාර්තා වේ.

නැවතත් දෙවන පාසල් වාරය ආරම්භ වන්නේ අප්‍රේල් 25 වනදාය.

මේ අතර මුස්ලිම් පාසල් සඳහා පළමු වාරය අප්‍රේල් 11වනදායින් අවසන් වන අතර දෙවන වාරයේ පළමු අදියර අප්‍රේල් 18 වනදා ආරම්භ වීමට නියමිතය.

අප්‍රේල් 18 වනදා සිට ජුනි 03 වනදා දක්වා දෙවන පාසල් වාරය පැවැත්වෙන අතර, රාමසාන් උපවාසය සඳහා ජුනි මස 06 සිට ජූලි 06 වනදා දක්වා මුස්ලිම් පාසල්වලට නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 

Rate this item
(1 Vote)