April 28, 2024

මහින්දගේ හිතුමනාප වැඩ ගැන ඇමති දයා ගමගේ කියයි (PHOTOS)

හිටපු ජනාධිපතිවරයා කිසිඳු විද්‍යාත්මක පසුබිමකින් තොරව රැකියා නිර්මාණය කිරීමේ හා විවිධ ව්‍යාපෘති වෙනුවෙන් ණය ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට රජය දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කරයි.
 
ඒ මහතා මේ බව සඳහන්කළේ පසුගියදා කතරගම කිරිවෙහෙර දයා ගමගේ දාන ශාලාවේ දී පැවති දන්සල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
 
එහිදී අදහස් දක්වමින් ඒ මහතා කියාසිටියේ , "මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මිහින් ලංකා, තෙල් සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් රුපියල් බිලියන දාහකට වඩා ණය කරලා. මේ සමහර ණය, ණය පොත් වලට එකතු කරලාත් නෑ. මේ වැරදි ඔක්කෝටම අද කරගහන්න වෙලා තියෙන්නේ සම්මුතිවාදි ආණ්ඩුවටයි. පහුගිය කාලේ රාජ්‍ය ආයතන වලට ලක්ෂ ගණන් සේවකයින් පිරෙව්වා. රජයේ රැකියා දුන්නට අපි විරුද්ධ නෑ. අපිට තියන කණගාටුව තමයි අවශ්‍ය තැන් වලට ඒ සේවාවන් ලැබිලා නැහැ. අපේ දිස්ත්‍රික්කවල (අම්පාර හ දුෂ්කර පළාත්වල) පාසල් වලට අවශ්‍ය තරම් ගුරුවරු නැහැ. ඉංග්‍රීසි ගණිතය විද්‍යාව වගේ විෂයන් වලට ගුරුවරුන්ගේ විශාල හිගයක් තිබුණා. ඒවාට විසඳුම් දීලා තිබුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි, රෝහල්වලට අවශ්‍ය හෙදියන් නෑ, වෛද්‍යවරු නෑ, එදා එජාපය ලබා දුන් නොමිලේ සේවාවන් ජනතාවට සේවා සැපයීමෙන් දුරස් කරලා නාස්තිකාර ආයතන බවටයි ඒවා පත් කරලා තිබුණේ." ලෙසයි.
 
තවදුරටත් අදහස් දැක්වූ දයා ගමගේ මහතා ප්‍රකාශකළේ වර්තමාන ආණ්ඩුව අධ්‍යාපනය පිළිබඳවත් සෞඛ්‍ය පිළිබඳවත් දැඩි අවධානයක් යොමුකර ඇති බවත් සැලසුම්කර ඇති ලෙසට රැකියා දසලක්ෂයක් ලබාදෙන බවත් අපනයන ආදායම වැඩි කිරීමට කටයුතු කරන බවත් ය.
ඡායාරූප පහතින්.
Rate this item
(0 votes)
Last modified on Monday, 04 April 2016 17:27