April 28, 2024

ඉන්දීය ජාතිකයින් 8 දෙනාගෙන් 6ක්ම වකුගඩු පරිත්‍යාග කරලා

වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාර ගත කර සිටින 08දෙනා යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (04) නියෝග කළේය.

මෙරට වකුගඩු ජාවාරමට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඉන්දීය ජාතිකයින් 8 දෙනාගෙන් කරුවන්ගෙන් 6 දෙනෙකු මෙරටදී වකුගඩු පරිත්‍යාග කර ඇති බව වාර්තා වෙයි.

සිද්ධියට අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කැදවූ අවස්ථාවේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණය හමුවේ මේ බව පෙන්වා දී ඇත. 

නීතීඥයින් පෙන්වා දී ඇත්තේ මෙම සැකකරුවන්ගෙන් 6 දෙනෙකු මෙරට වකුගඩු ලබාදීමේ නීතියට අනුකූලව මෙම වකුගඩු ලබා දී ඇති බවත් ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගෙන් අනුමැතිය ලබා ගෙන ඇති බවත්ය.

මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් ‍පවසා සිටියේ මෙම සැකකරුවන් සතුව තිබී ව්‍යාජ ලිපි ලේඛණ හා ව්‍යාජ මුද්‍රා විශාල ප්‍රමාණයක් සොයා ගත් බවයි.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරයා පැවසුයේ ඔවුන් සෑම වකුගඩුවක්ම පරිත්‍යාග කළ බවයි. පසුගිය වසර හතරක කාල සීමාව තුළ ඉන්දියා ජාතිකයන් 200කට වඩා වැඩි පිරිසක් ලංකාවේ ප්‍රධාන පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකුගේ නිර්දේශය මත වකුගඩු ලබාදී ඇති බවත් ඔහු පැවසුවේය.

සැකකරුවන් කඩ කර ඇත්තේ ආගමන විගමන නීති පමණක්  බවද නීතිඥවරයා ප්‍රකාශ කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසය ස්ථානාධිපති නෙවිල් සිල්වා මහතා විසින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් එම ජාවාරාම සම්බන්ධ අතරමැදිකරුවන් ගැන පරික්ෂණයක් කරන බවත් කීවේය.

සැකකරුවන් ළඟ තිබුණ ලේඛන ගැන ජාත්‍යන්තර පරික්ෂණයක් කරන  ලෙස අධිකරණය පොලීසියට නියෝග කළේය.

 

Rate this item
(0 votes)