April 28, 2024

එජාප මන්ත්‍රි බන්දුලාල්ට තනතුරක් 

බද්දේගම හා යක්කලමුල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපති ධුරය සඳහා ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පත් කර තිබේ.

බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේ දී ආසන සංවිධායක ධුරයක් පවා නොමැති ව  තරග කොට පාර්ලිමේන්තුවට තේරිපත් වූ පුද්ගලයෙකි. 

අගැමති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශය මත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

බද්දේගම ආසනය තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති විනිවිද භාවයකින් යුක්කත ව සම්බන්ධීකරණ කමිටුව හරහා ක්‍රියාත්මක  කරන බව බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා සඳහන් කළේ ය.

එම සම්බන්ධීකරණ කමිටුවල අනෙක් සම සභාපතිවරයාවන්නේ  වරාය නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ය.

ගාල්ල - ලලිත් චාමින්ද

 

Rate this item
(0 votes)