May 03, 2024

සාම්පූර් ළිඳකින් අවි තොගයක් මතුවෙයි

ත්‍රිකුණාමලයේ සාම්පූර් ප්‍රදේශයේ ළිඳක තිබී මල්ටිබැරල් අවිවලට යොදන පැරණි රොකට් උණ්ඩ 44ක් සොයා ගත් බව සාම්පූර් පොලිසිය පවසයි.

සාම්පූර්හි නාවික හමුදා කඳවුර බාරයේ තිබූ ඉඩම් රැසක් පසුගිය සතියේ නිදහස් කර එහි ජනතාව පදිංචි කරනු ලැබුණු අතර එලෙස පදිංචි කළ පුද්ගලයකු ඊයේ (03) දහවල් ළිඳක් ඉසිද්දී මෙම උණ්ඩ තොගය හමුවී තිබේ.

පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 06 May 2016 14:59