May 03, 2024

වාහනයේ හිමිකරුටත් නඩු - අද සිට රියදුරන්ට නීතිය දැඩිවෙයි 

මංතීරු නීති කඩකරන රියදුරන් අද (04) සිට සීසීටීවී කැමරා මගින් සොයාගෙන නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මෙවැනි කැමරා කොළඹ ස්ථාන 30ක පමණ සවි කර ඇතැයි ද, ඊට අමතරව ජංගම පොලිස් රථවල ද කැමරා ඇතැයි ද ඔහු පවසයි.

රථවාහන වරදක් සම්බන්ධයෙන් රියදුරකුට චෝදනා කිරීමට පොලිසියේ දෙදෙනකු සිටිය යුතුයැයි දුර්මතයක් පවතින බවත්, එවැනි නීතියක් නැති බවත් ඔහු සඳහන් කරයි.

මේ අනුව රථවාහන වරද සිදුකරන වාහනයේ හිමිකරුට මුලින්ම නීතිය ක්‍රියාත්මක කරන බවත්, රථවාහන හිමිකරු රියදුරු නොවන අවස්ථාවේදී සහ රථවාහනයේ වර්තමාන අයිතිකරු, මුල් අයිතිකරු නොවන අවස්ථාවේදී රථවාහනය වර්තමානයේ හිමි පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. 

 

Rate this item
(0 votes)