May 03, 2024

විස්සයි20 ලෝක කුසලානයේ ජය කොදෙව්වන්ට  

එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් විස්සයි20 ලෝක ශූරයන් ලෙස කිරුළ පැළදීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. 

එසේම විස්සයි20 ලෝක කුසලාන දෙකක් ජයගත් එකම කණ්ඩායම ලෙසින්ද කොදෙව්වන් ඉතිහාසයට එක්විය.

මීට පෙර කොදෙව් කණ්ඩායම 2012 වසරේදී විස්සයි20 ලෝක ශූරයන් ලෙස කිරුළු පැළදීය. කොල්කටා ඊඩ්න් ගාඩන්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 155ක් රැස්කරමින් කොදෙව්වන්ට  ලකුණු 156ක ඉලක්කයක් ලබාදුන්නේය.

කොදෙව්වන්ට අවසන් පන්දුවාරයේදී ලකුණු 19ක් අවශ්‍යවූ අතර කාලෝස් බ්‍රැත්වෙයිට් ස්ටේක්ස්ගේ පළමු පන්දු හතරට හයේ පහර හතරක් වාර්තා කරමින් කොදෙව්වන්ට තරගයේ ජයගෙන දුන්නේය.

මේ වසරේදී 19න් පහළ එක්දින ලෝක කුසලානය, කාන්තා විස්සයි20 ලෝක කුසලානය හා විස්සයි20 ලෝක කුසලානය දිනාගැනීමට කොදෙව්වෝ සමත්වූහ.

 

Rate this item
(0 votes)