May 03, 2024

WTC පැන්න පැරෂුට්කරුගේ පිම්ම වැරදී රෝහලට

කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ උඩ මහළේ සිට පැරෂුටයකින් බිමට බැසීමට ගිය විදේශිකයෙක් අසල හිල්ටන් හෝටලයේ රථගාලට වැටී තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.

සුළං තත්ත්වය හේතුවෙන් ඔහුගේ ඉලක්කය වරදින්නට ඇතැයි වාර්තා වේ.

තුවාලකරු ග්‍රේ නම් 47 හැවිරිදි ඕස්ට්‍රේලියා ජාතිකයෙකි.

Rate this item
(0 votes)