May 03, 2024

ලංකා පුත්‍ර‍ බැංකු සභාපතිගේ පත්වීම ඉවත දමයි - සභාපති තවමත් පුටුවේ 

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලංකා පුත්‍ර‍ සංවර්ධන බැංකුවේ සභාපති ලසන්ත ගුණවර්ධන මහතා එම තනතුරේ කටයුතු කිරීම ප්‍ර‍තිකේෂප කොට ඇතැයි දුෂණ විරෝධී පෙරමුණ පවසයි. 

මේ පිළිබඳ එම පෙරමුණ නිකුත් කළ නිවේදනය පහතින් 

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලංකා පුත්‍ර‍ සංවර්ධන බැංකුවේ සභාපති ලසන්ත ගුණවර්ධන මහතා එම තනතුරේ කටයුතු කිරීම ප්‍ර‍තිකේෂප කොට ඇත. 

බැංකු පනතේ විධි විධාන උල්ංඝණය කිරීම, නියමිත සුදුසුකම් සපුරා නොමැතිවීම සභාපතිවරයාගේ පත්වීම ඉවත දැමීමට හේතුවයි. කෙසේ නමුත්, ලංකා පුත්‍ර‍ සභාපතිවරයා අද දිනයේ ද බැංකුවේ කටයුතු වලට සම්බන්ධවී සිටින අතර නීති විරෝධී අන්දමින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට සුදානම් වේ.  තම දේශපාලන බලය යොදා ගනිමින් සභාපති ධූරයේ රැදී සිටීමට දරන උත්සාහය ලංකා පුත්‍ර‍ බැංකුවේ වත්මන් පාලනයේ අක්‍ර‍මිකතා හෙළි කළ දුෂණ විරෝධී පෙරමුණේ දැඩි අවධානයට යොමුවී ඇත.    

ලංකා පුත්‍ර‍ සංවර්ධන බැංකුවේ සභාපතිවරයා විසින් 1988 අංක 30 දරණ බැංකු පනතේ රහස්‍ය භාවය පිළිබද වගන්ති උල්ලංඝණය කරමින් කටයුතු කරන බව දුෂණ විරෝධී පෙරමුණ මගින් අනාවරණය කරණ ලදී.  

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  දුෂණ විරෝධී පෙරමුණ විසින් ලංකා පුත්‍ර‍ බැංකුව සම්බන්ධයෙන් මතු කළ මුලික කරුනු පිළිගෙන ඇත.    02/19/318/0073/004 යොමු අංකය යටතේ සිය නිරීක්ෂණ ඉදිරිපත් කරන ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ලසන්ත ගුණවර්ධන මහතා ට ලංකා පුත්‍ර‍ බැංකුවේ කටයුතු සිදු කිරීම සදහා අවශ්‍ය විශේඥතාව නොමැති බව ( According to findings of the Special Examainations of Lankaputhra Development Bank Limited condected by this department Mr. Goonewardena has failed to come up with the Section 3 (5) (ix) of the Banking Act Direction No. 12 of 2007 on Corporate Governance for Licensed Specialised Banks) සහ බැංකු පනතේ 77 වගන්තිය යටතේ රහස්‍ය භාවය සුරක්ෂිත කිරීමට අසමත් වී ඇති බවයි.  (Despite supervisory concerns raised at the meeting held on 12.05.2015 with Goonewardena and you, on maintaining confidentiality of information, Goonewardena has failed and/or been negligent to maintain the duty of Confidentiality in his capacity as the Chairman of LDBL in violation of Section 77 of the Banking Act.) 

බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ලිපිය ලැබීමෙන් පසුව ද ගුණවර්ධන මහතා  අදත්  ලංකා පුත්‍ර‍ බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටී.

පසුගිය සතියේ පැවති කෝප් කමිටු රැස්වීම සදහා ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ තොරතුරු සහ ඔහු විසින් පුවත්පත් සාකච්ඡා පවත්වමින් ඉදිරිපත් කළ තොරතුරු අතර බලවත් පරස්පරයන් පවතින බව දුෂණ විරෝධී පෙරමුණ මෙයට පෙර අනාවරණය කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව සභාපතිවරයාගේ සුදුසුකම්, ක්‍රියා පටිපාටිය පිළිබද විමර්ශනයක් සිදු කළ අතර දුෂණ විරෝධී පෙරමුණ සභාපතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් මහ  බැංකුව ගත් ක්‍රියාමාර්ග පිළිබද සතුට පළ කරයි.

ලංකා පුත්‍ර‍ සංවර්ධන බැංකුවට යහපාලන රජය විසින් අලුතෙන් සේවකයින් 59 ක් බදවා ගෙන ඇති අතර ඒ සදහා අවම වශයෙන් පුවත්පත් දැන්වීමක් හෝ පළ කර නැත.  දේශපාලන පත්වීම් කිහිපයක් නැවත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව මෙයට පෙර කටයුතු කර තිබුණි.  වාහන සේවාකිරීම්, නීති අංශයේ හා ණය අය කර ගැනීමේ ක්‍රියාවලියේ දී දේශපාලන පත්වීම් ලද වත්මන් පරිපාලනය බලපෑම් එල්ල කරමින් සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරීක්ෂණ ඇතුලත් ලිපිය පහතින්

Rate this item
(0 votes)
Last modified on Sunday, 03 April 2016 11:41