May 07, 2024

කොළඹට ජල කප්පාදුවක් 

අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (02) රාත්‍රී 10.00 සිට පසුදින අළුයම 05.00 දක්වා පැය 07 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, මෝදර, මට්ටක්කුලිය, බේස්ලයින් මාර්ගයේ කැළණි පාලම අසළ සිට දෙමටගොඩ හන්දිය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියළු අතුරු මාර්ගයන්හි මෙලෙස ජලය සැපයුම අත්හිටුවනු ඇත.

Rate this item
(0 votes)