May 08, 2024

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලට ගනී?

හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් පෞද්ගලික අංශයෙන් විදුලිය මිල දී ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව මෙගාවොට් 55ක ධාරිතාවක් පෞද්ගලික බලාගාරවලින් මිල දී ගන්නා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.

පෞද්ගලික අංශයෙන් ටෙන්ඩර් කැඳවා නිසි ක්‍රමවේදයක් අනුව තරගකාරී මිල ගණන් යටතේ එම විදුලිය මිල දී ගන්නා බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

ඉදිරි මාස 03 ක පමණ කාලයක් යනතුරු එම හදිසි විදුලිය මිල දී ගැනීමට අදහස් කරගෙන සිටින බව ද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

 

Rate this item
(0 votes)