May 07, 2024

දින කිහිපයක් පැරණි මළ සිරුරක් හමුවෙයි 

දින කිහිපයකට පෙර මියගිය පුද්ගලයකුගේ දැඩි ලෙස හානි වූ මළ සිරුරක් වඳුරඹ, ඌරල පහල කුමාරගේ වත්ත ප්‍රදේශයේ තිබි ඊයේ (01) වඳුරඹ පොලීසිය විසින් සොයාගෙන තිබේ.

එලෙස මරණයට පත් ව ඇත්තේ වයස අවුරුදු 70 ක්වන හපුගොඩ ආරච්චි කම්කානම්ගේ සල්මන් නමැති පුද්ගලයා බවට හඳුනාගෙන ඇත.

ඔහු වඳුරඹ ප්‍රදේශයේ ඉඩම් හිමිකරුවකුට අයත් ඉඩමක් බලා ගැනීම සඳහා එම ඉඩමේ පිහිටි නිවසක තනි ව නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකි. 

මෘත ශරීරය සොයා ගන්නා විට සතුන් විසින් එයට හානි කර තිබූ බවත් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන යනු ලැබී ය.

ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වදුරඹ පොලීය විසින් සිදු කරයි.

ගාල්ල - ලලිත් චාමින්ද

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 02 April 2016 09:08