May 07, 2024

රැස්වීමට පෙර හිටපු ඇමති පියසේන ලෙඩවෙයි 

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති හිනිදුම ශ්‍රීලනිප බලමණ්ඩල රැස්වීම ආරම්භ කිරීමට පෙර හිටපු ඇමති පියසේන ගමගේ මහතාට රුධිර පීඩනය වැඩිවීම හේතුවෙන් ප්‍රථිකාර ගැනීමට සිදු විය. 

පියසේන ගමගේ මහතා එම රැස්වීම සාර්ථක කර ගැනීමට බොහෝ වෙහෙස වී කටයුතු කර තිබේ. රැස්වීම පැවති දින පෙරවරුවේ ඔහුගේ රුධිර පීඩනය හොඳටම වැඩි වී තිබේ.

විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබුණ ද රැස්වීමට පැමිණි සිටි පිරිස දැකීමෙන් හිටපු ඇමතිවරයාගේ රුධිර පීඩනය අඩු වී ඇතැයි වාර්තා වේ.        

හිටපු ජනාධිපතිනිය ද එවකට කුමන්ත්‍රණකරුවන්ගෙන් පක්ෂය බේරාගත් අකාරය පිළිබඳ අදහස් දැක්වී ය.

 ගාල්ල - ලලිත් චාමින්ද

 

Rate this item
(1 Vote)