May 07, 2024

විදුලිය බිඳ වැටීම් ගැන ඇමති මණ්ඩලයේ තීරණය මෙන්න

මෑතකදී සිදුවූ විදුලිය බිඳවැටීම් පිළිබඳව සහ ඉදිරියේදී බාධාවකින් තොරව විදුලිය ලබා දීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලය විසින් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව තීරණ කිහිපයකට එළඹ ඇතැයි වාර්තාවේ.

ඒ අනුව පසුගිය දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණ ගෙන ඇති අතර එම තීරණ පහතින් දැක්වේ.

(i) රටපුරා එකවර විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුව විසින් සහ අග්‍රාමාත්‍යවරයා විසින් සී.මාලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාවල නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම.

(ii) ඉදිරි දිනවල ප්‍රමාණවත් පරිදි වර්ෂාව නොලැබුණහොත් පැනනැගිය හැකි විදුලිය උත්පාදන සීමාවන්ට මුහුණ දීමට හැකිවන පරිදි අත්‍යවශ්‍ය වන විදුලිබල ප්‍රමාණය පමණක් පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.

 

Rate this item
(0 votes)