May 07, 2024

ඉන්දීය ජාතිකයින් 06කගේ වකුගඩු ඉවත් කර ඇතැයි අධිකරණයේ දී හෙළිවෙයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදුවන නීති විරෝධී වකුගඩු ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන ඉන්දීය ජාතිකයින් 08 දෙනා ලබන 04 වැනි දා දක්වා තවදුරටත් රඳවා තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (01) නියෝග කළේ ය.

එම නඩුවට අදාල සැකකරුවන් 08 දෙනාගෙන් 06 දෙනෙකුගේම වකුගඩු ඉවත් කර ඇති බවට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා සිදු කළ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම සැකකරුවන් සතු ව තිබී ලේඛන 286ක අධික සංඛ්‍යාවක් සොයාගත් බවත් ඒ පිළිබඳ ජාත්‍යන්තර පොලීසිය හරහා පරීක්ෂණ පවත්වන බවත් එහි දී කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කර ඇත.

ඒ අනුව සැකකරුවන් තවදුරටත් රැඳවුම්භාරයේ තබන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති අතර එම කරුණු සැළකිල්ලට ගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 04 වැනි දා දක්වා රැඳවුම් භාරයේ තබන ලෙස නියෝග කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Friday, 01 April 2016 13:01