May 07, 2024

ශ්‍රී මහ බෝධියට කෝටියක රන් පළඳනාවක් (PHOTOS)

කොළඹ කුරුඳුවත්තේ සම්බෝධි මහා විහාරය විසින් සංවිධානය කරන මහ බෝ සෑ අටමස්ථාන වන්දනාව අනුරාධපුර අටමස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද (01) සිට ලබන ඉරිදා (03) දක්වා දින 03ක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

මෙහිදි අටපිරිකර 12,000ක්, අසූහාර දහසක පිත්තල පහන් සුවඳ තෙල් යොදා පූජා කිරීම, ශ්‍රී මහා බෝ සමිඳුන්ට රුපියල් කෝටියක් අගනා රන් පළදනාවක් පැළඳවීම, රිදී පළදනාවක් පැළඳවීම, රිදී ජත්‍රයක්, රිදී කෙන්ඩියක් පුජා කිරීම, ව්‍යාංජන අට දහස් හැටක මහා බුද්ධ පූජාවක්, කෝටියක් මල් පුජාව, ගුවන් යානා මගින් මල් ඉසීම, දහස් නමකට සංඝගත දක්ෂාණාවක් ද, දිළිඳු පවුල් දෙදහසකට වියළි ආහාර  පිරීනැමීම හා අඩු ආදායම් පාසල් සිසුන් දහසකට ඇදුම් පැලදුම් පාසල් උපකරණ පාවහන් බෙදා දීමට ද නියමිත බව වාර්තා වේ.

සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමියන් මේ පිළිබඳව අදහස් දක්වමින් කියාසිටියේ දුටුගැමුණු මහ රජතුමන් ප්‍රධාන හෙළ රජ දරුවන්ටත්, බුදු සසුන සිංහල ජාතිය රැකදුන් අනගාරික ධර්මපාලතුමාටත්, රට වෙනුවෙන් දිවිදුන් අභීත රණවිරුන්ටත්, අපවත් වී වදාල උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමියන්ටත්, පින්කමට සහභාගී වන සැදැහැවතුන්ටත් පින් දීම මෙම පින්කමේ අරමුණ බවයි.

මේ වනවිටත් අනුරාධපුර පූජා නගරය බෞද්ධ කොඩි, ධජ පතාක හා ෂඩ් විදුලි බුබුළුවලින් අලංකාර කර ඇති අතර ඒ සඳහා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් සහභාගී වෙතැයි සංවිධායකයින් අපේක්ෂා කරයි.

ඡායාරූප පහතින්.

 

DSC_2060

DSC_2063

DSC_2094

Rate this item
(0 votes)