May 07, 2024

ජාතික විද්‍යා මධ්‍යස්ථානය හෝමාගමට

ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් හෝමාගම ස්ථාපිත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත. 

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ කරුණු දැක්වීම් සැලකිල්ලට ගෙන යෝජිත ජාතික විද්‍යා මධ්‍යස්ථානය හෝමාගම පිටිපන මාහේන ප්‍රදේශයේ පිහිටි, නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක ස්ථාපනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.

විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනය හරහා ශ්‍රී ලංකාව සමෘද්ධිමත් දේශයක් කරා රැගෙන යනු පිණිස රටෙහි ජනතාව සවිබලගන්වන හා දිරිගන්වන ආකාරයේ නවීන ප්‍රදර්ශක භාණ්ඩවලින් සහ ජාත්‍යන්තර මට්ටමේ පහසුකම්වලින් සමන්විතව 'ජාතික විද්‍යා සංකේතයක්' ලෙස (National icon of Science) ජාතික විද්‍යා මධ්‍යස්ථානය ඉදිකිරීමට නියමිතය.

ඒ අනුව සොබාදහමේ අසිරිය, කෘෂිකර්මය, මිහිතලය, දේශගුණ විපර්යාස හා ස්වාභාවික ආපදා, මිනිස් සිරුරේ අසිරිය, කාර්මීකරණය හා තාක්ෂණික විප්ලවයන්, අභ්‍යවකාශ හා තාරකා විද්‍යාව, දේශීය හා සාම්ප්‍රදායික දැනුම, විද්‍යා ක්ෂේත්‍රයේ පුරෝගාමීන් යනාදී අංශ පිළිබඳ සකසනු ලැබූ ප්‍රදර්ශන මැදිරිවලින් සමන්විත ශ්‍රී ලංකා ජාතික විද්‍යා මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට නියමිතය.

Rate this item
(0 votes)