May 08, 2024

අවුරුදු හොරු ඇල්ලීමට දිවයින පුරා මෙහෙයුම්

එළැඹෙන සිංහල හා දෙමල අලුත් අවුරුදු සමයේදී පාරිභෝගිකයන් හට වෙළඳපොලේදී සිදුවිය හැකි අසාධාරණකම් වැලැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකකර ඇති බව වාර්තා වේ.

මෙය අප්‍රේල් මස 11 වනදා දක්වා ක්‍රියාත්මක වේ.

ඒ අනුව දිවයින පුරා සියලු දිස්ත්‍රික් විමර්ෂණ නිළධාරීන්ගේ මැදිහත්වීමෙන් වැටලීම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

එහිදී දිවයිනේ ප්‍රධාන තොග අළෙවිසැල්, සිල්ලර අළෙවිසැල් සහ ගබඩා පරීක්ෂා කිරීමට නියමිත අතර ඒ යටතේ ඇඳුම් පැළදුම්, විදුලි උපකරණ සහ අත්‍යවශ්‍යය භාණ්ඩ අළෙවි කරන වෙළඳසැල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති.

ජංගම වෙළඳුන් සහ විවිධ වට්ටම් ලබාදෙන බව පවසමින් වෙළඳාම් කරන ස්ථාන ද පරීක්ෂාවට ලක් කිරීමටපාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ අවධානයක් යොමුකර තිබේ.

පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේ කිසියම් අසාධාරණයක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ ක්ෂණිකව දැනුම්දීමේ හැකියාව ද පාරිභෝගිකයින්ට පවතින බවය.

Rate this item
(0 votes)