May 03, 2024

'කාන්තාවට පළමු තැන හිමිවිය යුතුයි '- රෙජිනෝල්ඩ්

සර්වෝදය කුලගන සංවිධානය විසින් උතුරු පළාතේ මෙහෙයුම් කාර්යාලය හරහා ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව යාපනය ප්‍රදේශයේ කාන්තාවන් ඇගයීමට ලක් කිරීමේ වැඩසටහනක් පසුගියදා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ තියාකි පුණ්‍යාතන ශාලාවේදී පැවැත්විණි.

එහිදී දිස්ත්‍රික්කයේ තෝරාගත් අඩු අදායම්ලාභී පවුල් 35කට රු.2000 බැගින් වූ මුදල් වවුචර පත් ද ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීම සදහා කුසලතා සහතිකයක් ද ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ විසින් බෙදා දෙන ලදී.

එහිදී ආණ්ඩුකාරතුමා, " අපි ජීවත් වන්නේ කාන්තාවන් දිනෙන් දින නායකත්වය ලබා ගන්න පුළුවන් යුගයක. කාන්තාව තලා පෙලා දැමීමට, කුස්සිය මුල්ලට දැමීමට කාන්තාව යටපත් කරගෙන සිටින පුරුෂාධිපති සමාජය පුරුදු පුහුණු වී සිටිනවා. අද කාන්තාව පෙරට පැමිණ තිබෙනවා. අද රාජ්‍ය අංශයේ, විශ්ව විද්‍යාල මට්ටමින්, පෞද්ගලික අංශය, විදෙස්ගත වන්නන් විශාල වශයෙන් කාන්තා නියෝජනයක් පවතිනවා. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ද කාන්තාවන්ගේ ප්‍රමාණය වැඩිවෙමින් පවතිනවා.යාපනය ප්‍රදේශයේ කාන්තාවන්ගේ ජීවිත කතාව ඉතා දුක්බරයි. මෙම ප්‍රදේශයේ යුද්ධය නිසා වැඩිපුරම අපහසුතාවයට පත් වුයේ කාන්තාවන්." ලෙස ප්‍රකාශකර සිටියේ ය.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ ඉදිරියේදී අප කටයුතු කරන අවස්ථාවලදී පළමු තැන හිමිවිය යුත්තේ කාන්තවන්ට බවත් ලැබිය යුතු සහන මුලින්ම ලැබිය යුත්තේ ද ඔවුන්ට බවයි..

මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිතයා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනල්ඩ් කුරේ මහතා සහභාගි වූ අතර චන්ද්‍රිකා ප්‍රියදර්ශනී කුරේ මැතිණිය, සර්වෝදය කුලගන සංසදයේ සභාපතිනි විමලා රණතුංග මහත්මිය ඇතුළු නිළධාරින් රැසක් සහභාගි වී සිටියහ.

එහි ඡායාරූප පහතින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 01 April 2016 10:18