May 03, 2024

අස්ගිරි අනුනායක හිමිවරු දෙනමම මහනායක පදවියට ඉදිරිපත් වෙයි

ශ්‍යාමෝපාලි මහනිකායේ අස්ගිරි මහවිහාර පාර්ශවයේ මහනායක පදවිය සඳහා ඉදිරිපත් වීමට අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමම තීරණය කර තිබේ.

අස්ගිරි මහ විහාර පාර්ශවයේ අනුනායක පදවි දෙක බදුලු මුතියංගණ රජමහ විහාරාධිපති වරකාගොඩ ඥාණරතන, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති වෙඩරුවේ උපාලි යන නාහිමිවරු විසින් දරනු ලබන අතර උන්වහන්සේ දෙනමම මේවන විට මහ නායක පදවිය සඳහා ඉදිරිපත්වන බව සංඝසභික හිමිවරුන්ට දැහැත් පිළිගන්වමින් දැනුම් දී ඇත.

අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහනාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ අස්ගිරි මහ පදවිය සඳහා සුදුසු ජ්‍යෙෂ්ඨ හිමිනමක පත්කර ගැනීම සඳහා මේ මස 07 වැනිදා පස්වරුවේ සිදුකිරීමට එම පාර්ශවයේ විංසත් වර්ගික කාරක සංඝ සභාව තීරණය කර තිබේ.

මෙදින අනුනායක හිමිවරුදෙනම අතරින් එක්හිමිනමක් අස්ගිරි පාර්ශවයේ 22 වන මහනාහිමි ලෙස පත්වනු ඇත.

 

Rate this item
(0 votes)