May 03, 2024

මරාගෙන මැරෙන ඇඳුම ගැන GL පීරිස්ගෙන් ප්‍රශ්ණ කරන්න සූදානම්

යාපනය චාවකච්චේරි ප‍්‍රදේශයෙන් සොයා ගැනුණු මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය සහ බෝම්බ තොගය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කළ ප‍්‍රකාශය පිළිබඳ ඔහුගෙන් ප‍්‍රශ්න කරන බව රජය ප්‍රකාශ කොට තිබේ.

පොලිසිය ඉදිරි දිනකදී අදාළ ප‍්‍රශ්න කිරීම සිදු කරනු ඇති බවටයි ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සඳහන්කර ඇත්තේ.

අද (31) පෙරවරුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ලේකම්වරයා මේ බව කියා සිටියේ ය.

යාපනය චාවකච්චේරි ප්‍රදේශයෙන් සොයා ගැනුණු මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය සහ පුපුරණද්‍රව්‍ය ඇතුළු සෙසු අවි ආයුධ කොළඹ ප්‍රදේශයේ කිසියම් අපරාධයක් සඳහා සූදානම් කළ ඒවා විය හැකි බවට ඊයේ (30) දින කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියාසිටියේ ය.

Rate this item
(2 votes)
Last modified on Friday, 01 April 2016 11:15