May 03, 2024

'මෛත්‍රී ලත්තැනම ලොප් වුණා' - තෙවරප්පෙරුම යහපාලනය පතුරුගසයි (VIDEO) 

පසුගිය මැතිවණයෙන් පරාජය වූ අපතයින්ටද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙන ඇමතිකම් පවා දුන් බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ බුලත්සිංහල ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

දින 100තුල මෛත්‍රීපාල සිරිසේන මහතා යමක් කරයි කියලා බලාපොරොත්තුවක් තිබූ බවත් නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ලත්තැනම ලොප් වූ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

කළුතර දිස්ත්‍රික්කය විනාශ කළ මහින්ද සමරසිංහ වගේ අපතයින් මිනිස්සු තීරණය කර ගෙදර යැවූ බවත් කොළඹ ඉදන් මෙහෙට එන්න කෝටි ගණනක් විදයම් කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. 

‘යහපාලනය මාරයි මාරයි කීවත් තමාත් ඒ විදියම තමයි. කතාවෙන්නම් ඔක්කොම හරි නේද‘ යැයි ඔහු පැවසී ය.

එම වීඩයෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)