May 03, 2024

වාහන මිලත් ඩොලරය නිසා ඉහළට

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙමින් පැවතීම නිසා මෙරට ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ වාහන මිල ගණන් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයන් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල මේ වනවිට සඳහන් වන්නේ රුපියල් 150 යි ශත 54 ක් ලෙසයි.

මෙලෙස  අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 150 ඉක්මවූ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වන බව සඳහන් වේ.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති මහින්ද සරත්චන්ද්‍ර මහතා ප්‍රකාශකළේ මෙම තත්වය නිසා වාහන මිල ගණන් ඉහළ යා හැකි බවයි. 

රුපියලේ අගය මෙලෙස අවප්‍රමාණය වීම හරහා ඖෂධ සහ ආහාර මිල ගණන් ද ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂක අසන්ත සිරිමාන්න මහතා ද සඳහන් කරයි.

 

Rate this item
(1 Vote)