May 03, 2024

සැඟවූ අවි භාර දෙන්න සමා කාලයක්

සඟවාගෙන සිටින නීති විරෝධි අවි ආයුධ ආරක්ෂක අංශ වෙත ලබාදීමට ආරක්ෂක අමාත්‍යංශය මගින් කාලයක් ලබා දී තිබේ.

එසේ බාරදෙන අවි ආයුධ සඳහා මුදල් ගෙවීමට ද තීරණය කර ඇති අතර පසුගිය කාලවලදී ද මෙලෙසින්ම කාලයක් ලබා දී තිබු‍ණත් සැඟවුණු අවි තොග සම්පූර්ණයෙන් බාර දීමක් සිදු වී නැත.

පසුගිය යුද සමයේදී විවිධ පුද්ගලයින් අතට ආයුධ පත් වූ අතර මේවා සඟවාගෙන අපරාධ කල්ලිවලට කුලියට දෙන බවට ද තොරතුරු ලැබී ඇත.

අපරාධ කල්ලි වුව ද ඔවුන් සඟවාගෙන පාවිච්චි කරන ආයුධ බාරදීමට කටයුතු කරන ලෙසත් රජයේ ඉල්ලීම මත එම ආයුධ බාරදෙන පිරිසට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා අතර යම් ආකාරයකින් සහන කාලය තුළ බාර නොදී තවදුරටත් සඟවාගෙන සිට හසුවුවහොත් ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් පැවසේ. 

Rate this item
(0 votes)