April 28, 2024

මහින්දගේ ණය ගෙවන්න ණය ගන්නා බව හරීන් කියයි

වර්තමාන ආණ්ඩුව ණය ලබාගන්නා බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 'කැත විදිහට' චෝදනා එල්ල කරන බවත් වර්තමාන ආණ්ඩුව ණය ලබාගන්නේ මහින්ද රාජපක්ෂ මහතා අධික පොලියට ලබාගත් ණය ගෙවාදැමීමට බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (29) සිරිකොත මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ය.

රාජපක්ෂ ආණ්ඩුව ලබාගත් රුපියල් බිලියන 9500 කට ආසන්න ණය මුදල වර්තමාන ආණ්ඩුවට ගෙවීමට සිදු ව ඇති බවත් ඒ හේතුවෙන් රුපියල කඩා වැටෙමින් ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය වී තිබෙන්නේ රට ණය උගුලෙන් ගලවා ගෙන රට ආර්ථික වශයෙන් දියුණු කිරීමට බව ද හෙතෙම පැවසී ය.

 

Rate this item
(1 Vote)