April 28, 2024

'වත්තල මංතීරුව ඉවත් කිරීමට ඇමති චම්පික අවසර දුන්නා' - ගම්මන්පිල

පසුගිය රජය දැවැන්ත වියදමක් සිදු කර ඉදි කරන ලද වත්තල ප්‍රදේශයේ ව්‍යායාම කිරීමේ මංතීරුව මේ රජය විසින් ගලවා විනාශ කර ඇති බවත් එහි වගකීම පිළිබඳ මේ වනවිට බෝල පාස් කිරීමක් සිදුවන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ අද (29) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලි චමිපික රණවක මහතාගෙන් විමසා මෙය සිදු කළ බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සඳහන් කරයි. 

එසේ ම නිවාස ව්‍යාපෘතියක් සඳහා මාර්ගයක් සකස් කිරීම සම්බන්ධයෙන් එම මංතීරුව ගලවා ඉවත් කළ බවට චම්පික ඇමතිතුමාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත වාර්තා කර ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි. 

එහෙත් එය අසාර්ථක වූ බැවින් තමා ඒ සඳහා අවසර ලබා නොදුන් බවට රණවක ඇමතිවරයා ප්‍රකාශ කරන බව ගම්මන්පිල මහතා පවසයි.

චම්පික ඇමතිතුමාගේ දැනුවත්කමින් එය සිදු වූ බවට තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් නිගමනය කළ හැකි බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

 

Rate this item
(1 Vote)