April 28, 2024

Update1: සවුත්ලන්ඩ් දැරියට පහරදීමේ වීඩියෝ පිරික්සීමට පොලීසිය සැරසෙයි

ගාල්ලේ සවුත්ලන්ඩ්ස් විදුහලෙන් මාරු කළ ශාන්ති සෙනවිරත්න විදුහල්පතිනියගේ මාරුව අවලංගු කරන ලෙස ඉල්ලමින් ආදි සිසුවියන් හා මවුපියන් පැවැත් වූ උද්ඝෝෂණයක් අතරතුර ඒ අසළ සිටි 20 හැවිරිදි දැරියකට පහර දුන් සිද්ධිය හා සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසිය සූදානම් වන බව වාර්තා වේ.

මෙම පහරදීමේ සිද්ධිය ඇතුලත් ඡායාරූප හා වීඩියෝ පට මාධ්‍යවේදීන්ගෙන් හා මාධ්‍ය ආයතනවලින් ලබා ගැනීමට අවසර දෙන ලෙස පොලිසිය ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිපුලුලී ලංකාතිලක මෙනවියගෙන් ඉල්ලූ අවසරය හිමි වූ අතර එම උද්ඝෝෂණයේ ඡායාරූප ගනිමින් සිටි චාමිකා සඳමනී ආදිහෙටිටි නම් දැරියට උද්ඝෝෂණයෙහි නිරතව සිටි ගැහැණුන් පිරිසක් පහර දෙන ආකාරය අදාළ ඡායාරූපවල හා වීඩියෝවල ඇති බව පැවසේ.

දැරියට සිදු වූ පහර දීම ඇතුළත් වීඩියෝ පටය සහ සම්පූර්ණ පුවත පහත සබැඳියෙන්.

සවුත්ලන්ඩ්ස් කාන්තාවෝ මහමග දැරියකට පහරදුන්නේ මෙහෙමයි (VIDEO)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 March 2016 17:14