April 28, 2024

උඩුවේ හිමිගේ පෙත්සම ඉවත් කර ගනී

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (29) ඉවත් කරගෙන තිබේ.

ඒ, උන්වහන්සේගේ නීතීඥයින් විසිනි. 

මේ වනවිට පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරීම හේතුවෙන් මෙලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමක් අවශ්‍ය නොවන බව එම නීතීඥයින් අධිකරණයට දැනුම් දී ඇත.

 

Rate this item
(0 votes)