April 27, 2024

'තහනම බොරු' - රෙජිනෝල්ඩ්ගෙන් හෙළිදරව්වක්

නාගදීප බුදු පිළිම වහන්සේගේ ඉදිකිරීම් නතර කරන ලෙසට නියෝගයක් ලැබී ඇති බවට පුවත්පත්වල අසත්‍ය පුවත් වාර්තා කර තිබූ බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සඳහන් කරයි.

නාගදීප බුදු පිළිම වහන්සේගේ ඉදිකිරීම් නතර කරන ලෙස යාපනය දිස්ත්‍රික් ලේකම් දන්වන ලද බවට ඉකුත් 27 වැනි දා ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. 

දිස්ත්‍රික් ලේකම් විසින් සඳහන් කර ඇත්තේ ඉදි කිරීම් නතර නොකරන ලෙසත් වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තුමේන්තුව හරහා අවසර ගත යුතු බවත් රෙජිනෝල්ඩ් කුරේ මහතා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සාමාන්‍ය ක්‍රියාපටිපාටියට අනුව නාගදීප විහාරාධිපති පුජ්‍ය පදුමකිත්ති තිස්ස ස්වාමීන්වහන්සේ විසින් එවන ලද අයදුම්පත පිරික්‍සා එය අදාළ ආයතන වෙත යොමු කර ඒ සම්බන්ධව දැනුවත් කිරීමේ කාර්යාලීය ලිපියක් නැවත විහාරාධිපති වෙත එවා ඇත. 

 

Rate this item
(1 Vote)