May 04, 2024

ආදිවාසී නායකයාට පහරදුන්නැයි පොලිස් නිලධාරීන්ට මාරුවක්

රත්මල්ගහවැව පොලිස් මුර පොළේ ස්ථානාධිපති ඇතුළු තිදෙනෙකු අම්පාර මුලස්ථාන පොලිසියට මාරු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

රතුගල ආදිවාසි නායක සුදා වන්නිඇත්තන්ට පහර දුන්නැයි කියන සිද්ධිය පරික්ෂණ අවසන් වනතුරු මෙය සිදුකර ඇති බවයි එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඊයේ (23) රාත්‍රී රතුගල දී පැවති උත්සවයක් අතරතුර දී එහි පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිය නායකයාට පහරදී ඇතැයි ආදිවාසීන් පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබූ රතුගල ආදිවාසී නායකයා බිබිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 24 March 2016 16:43